අපගැන


දැක්ම

විශිෂ්ටතම ජනතා හිතවාදී පරිපාලනයක්

අපේ මෙහෙවර

ආයතනය සතු මානව හා භෞතික සම්පත් මනා කාර්යක්ෂමතාවයකින් යොදවමින් නව්‍ය පරිපාලන සංකල්ප හා ක්‍රමවේද ඔස්සේ ඌව පළාත් සභා රාජ්‍ය ආයතන සහ එහි කාර්ය මණ්ඩල ගුණාත්මකව, ඵලදායීව මෙහෙයවීම හා හැසිරවීම.

 

අරමුණු

  1. ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය හා සේවාලාභීන්ට උපරිම පහසුකම් ලැබෙන සේ නිලධරයන් සඳහා ප්‍රමාණවත් භෞතික හා යටිතල පහසුකම් ලබා දීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
  2. ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ සියළුම තනතුරු වලට අදාළ බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටි, සේවා ව්‍යවස්ථා සකස් කිරීම සහ සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ලබාදීම.
  3. ඊ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගත වෙමින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීම.
  4. ජාතික දැක්ම හා සංවර්ධන වැඩසටහනට අනුගත වෙමින් පළාතේ සංවර්ධනයට ක්‍රියාශීලි ලෙස දායක වෙමින් ඌව පළාත් වාසීන්ගේ ජීවන මට්ටම උසස්කරලීමේ මෙහෙවර උදෙසා ඌව පළාත් රාජ්‍ය ආයතන මෙහෙයවීම.
  5. ඌව පළාත් වාසීන්ට නීතිගරුක සේවාවක් සැපයීම උදෙසා ක්‍රියාත්මක කළ යුතු නෛතික ප්‍රතිපාදන වෙනුවෙන් ප්‍රඥප්ති සම්පාදනය කිරීම.
  6. කාර්යක්ෂම හා ඵලදායි ලෙස මූල්‍ය සම්පත් ප්‍රයෝජනයට ගැනීම මඟින් ප්‍රශස්ත මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යාම.
  7. ආයතනයේ අරමුණු හා පරමාර්ථ ළඟා කර ගත හැකි වන පරිදි කාර්ය මණ්ඩලයේ ආකල්ප, කුසලතා, හැකියාවන් හා පහසුකම් ප්‍රශස්ථ මට්ටමට ගෙන ඒම.
  8. දීප ව්‍යාප්ත සේවා වල අනුමත තනතුරු වලට අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම.
  9. සේවාලාභීන්ට හා සේවාදායකයින්ට උපරිම පහසුකම් සැපයෙන අයුරින් හා ප්‍රියමනාප වන අයුරින් ඌව පළාත් සභා සංකීර්ණය නඩත්තු කිරීම.

අගයන්

විශ්වාසනීයත්වය
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ සහ ඌව පළාතේ ජනතාවගේ විශ්වාසවන්තභාවය දිනා ගනිමින් අවශ්‍ය සේවාවන් ලබා දීම.

සාමූහිකත්වය
ආයතනයේ දැක්ම, අරමුණු, පරමාර්ථ කරා ළඟා වීමට කාර්ය මණ්ඩලයේ සියලුදෙනාම කණ්ඩායමක් ලෙස එකම හැඟීමකින් යුතුව ක්‍රියා කිරීම.

නවීන තාක්ෂණය හා දැනුම
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ හා ජනතාවගේ තෘප්තිමත්භාවය සඳහා ඵලදායීව හා ගුණාත්මක සේවාවක් සැපයීමට අවශ්‍ය නවීන තාක්ෂණය හා දැනුම ඇති කාර්ය මණ්ඩලයක් මඟින් නවීන තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා දීම.

කාර්යක්ෂමතාවය
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ හා ජනතාවගේ සංතෘප්තිය හා සුභසිද්ධිය වෙනුවෙන් කෙරෙන කාර්යයන් අප්‍රමාදව හා නිවැරදිව ඉටු කිරීම.

නිවැරදි තීරණ ගැනීම
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ පරිපාලන කටයුතු හා ජනතාවගේ ගැටළු විසඳීමේදී චක්‍රලේඛ අණපනත් විධිවිධාන හා චර්යා ධර්ම වලට අනූව සාධාරණ තීරණ ගැනීමට කටයුතු කිරීම.

විනිවිදභාවය
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ ආයතනික කටයුතු මෙන්ම ජනතාවගේ ගැටළු පාරදෘශ්‍යභාවයෙන් යුක්තව විසඳීම.

වගවීම
කාර්යාලයීය රාජකාරි ඉටු කිරීමේදී සැමවිටම සාධාරණීකරණ මූලධර්මයට අනූව කටයුතු කිරීම.

අගය කිරීම
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ රාජකාරි ඉටු කිරීමේදී කාර්යාලයේ කාර්ය මණ්ඩලය දක්වන කැප කිරීම හා සහයෝගය සමස්ථ වශයෙන් හා වෙන් වෙන්ව අගය කිරීම.

දැනුම හා දක්ෂතා
කාර්යාල රාජකාරි ඉටු කිරීමේදී අවශ්‍ය දැනුම ප්‍රායෝගිකව හා න්‍යායාත්මකව ලබා දීම සහ දක්ෂතා හඳුනාගෙන එය ඵලදායී ලෙස කාර්යාල කටයුතු වලදී යොදා ගැනීම